Home News Breaking පොලිස් වෙඩි පහරින් සැකකරුවකු ජීවිතක්ෂයට

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු ජීවිතක්ෂයට

SHARE

අද අලුයම සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් වරකාපොළ ප්‍රදේශයේදී කොල්ලකරුවෙකු මිය ගොස් තිබෙනවා.

පොලිසියි සඳහන් කළේ නගරයේ පිහිටි වෙළඳ සැලක් කොල්ලකෑම සඳහා මෙම කොල්ලකරු පැමිණ ඇති බවයි.

අනතුරුව සිද්ධිය දුටු අයෙක් පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත ඒ බව දන්වා තිබෙනවා.

එහිදී වහා ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ ස්ථානයට පැමිණ ඇති අතර එහිදී සැකකරු පොලිසිය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව සිදු වූ වෙඩි තැබීමෙන් මෙම කොල්ලකරු බරපතල තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site