Home News Breaking පොළොන්නරුවේ සුරූපී කතක් කුඩුත් එක්ක ඇඟත් විකුණලා

පොළොන්නරුවේ සුරූපී කතක් කුඩුත් එක්ක ඇඟත් විකුණලා

SHARE

හෙරොයින් මතට ඇබ්බැහි වී ගැනුම්කරුවන්ට හෙරොයින් අලෙවි කිරීමේ නිරත වූ රූමත් කාන්තාවක් ඇගේ සැමියා හා සහෝදරයා හෙරොයින් ග්‍රෑම් හතරයි මිලිග්‍රෑම් 560ක් සමඟ පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශය පෙරේදා (01) සවස අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාර කාන්තාව යතුරුපැදියකින් ගොස් හෙරොයින් අලෙවි කරන බවත් ඇයට හෙරොයින් පානය කිරීමට අවස්ථාව ලබාදෙන ඕනෑම අයකුට ඇය සමඟ ලිංගිකව හැසිරීමට අවස්ථාව ලබාදෙන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අනුරාධපුර, විජයපුර හා මාතලේ හංදිය ප්‍රදේශවල පදිංචි එකම පවුලේ පිරිසක් හෙරොයින් ජාවාරමේ නිරත වන බවට දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති වසන්ත කුමාරට ලැබුණු තොරතුරක් මත පොලිස් උපාය දූතයකු යොදවා කළ වැටලීමකදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

සැකකාර 23 හැවිරිදි කාන්තාව සැමියා සමඟ පැමිණ රුපියල් 2,500ක මුදලකට පොලිස් උපාය දූතයාට හෙරොයින් පැකට්ටුව අලෙවි කිරීමට උත්සාහ කරද්දී පොලිසිය ඔවුන් දෙදෙනා අනුරාධපුර, නුවරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රූමත් කාන්තාව සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 240ක ප්‍රමාණයක් තිබු බවත් සඳහන්. සැමියා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 90ක ප්‍රමාණයක් තිබී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන දීර්ඝ වශයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සිය සහෝදරයාත් ජාවාරමට සම්බන්ධ බව තරුණිය පොලිසියට පවසා තිබූ අතර ඔහු අනුරාධපුර, විජයපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 230ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site