Home News Breaking පෞද්ගලික සේවාවලින් ඉවත් වෙන්න විශේෂඥ වෛද්‍යවරු තීරණය කරයි

පෞද්ගලික සේවාවලින් ඉවත් වෙන්න විශේෂඥ වෛද්‍යවරු තීරණය කරයි

874 views

ලබන 18 වන දිනෙන් පසු පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට විශේෂඥ වෛද්‍යරුන් තීරණය කර තිබෙනවා.

රජය විසින් පනවා ඇති නව බදු ප්‍රතිපත්තියට විරෝධය පල කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ සඳහන් කළේ.

නව බදු ප්‍රතිපත්තියට අනුව අප්‍රේල් පළමු වැනි දින සිට වෛද්‍යවරුන් උපයන ආදායමෙන් සියයට 24ක බදු අයකිරීමක් සිදුවන අතර එය සියයට 12 දක්වා අඩු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ(11) පස්වරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.

අදාළ ඉල්ලීම සලකා බැලීම සඳහා වසරක කාලයක් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යවරයා එහිදි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සුනිල් විජේසිංහ සඳහන් කළා.

සිය ඉල්ලීමට විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 18 වන දින පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට මීට පෙර තීරණය කර තිබූ අතර අද(12) දිනයේ විධායක සභාව රැස් වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව වෛද්‍ය සුනිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site