Home News Breaking බරපතල වැඩ සහිත අවුරුදු 28ක් හිරේට නියම වූ බුද්ධි අංශයේ ස්ථානාධිපති

බරපතල වැඩ සහිත අවුරුදු 28ක් හිරේට නියම වූ බුද්ධි අංශයේ ස්ථානාධිපති

SHARE

හලාවත පොලිස් ස්ථානයේ, බුද්ධි අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට බරපතල වැඩ සහිත වසර 28ක සිරදඬුවමක් ඊයේ නියම කර තිබෙනවා.

සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 05ක දඩ මුදලක් ද අධිකරණය මගින් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

උප පොලිස් පරීක්ෂක හේරත් මුදියන්සේලාගේ උදය හේරත් නමැති සැකකරු 2008 වසරේදී, අතුරුදන් වූ පුද්ගලයෙක් සොයාදෙන බවට පවසා ඥාතීන්ගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාගෙන ඇති අතර ඒ අනුව චෝදනා 08ක් යටතේ අල්ලස් කොමිසම සැකකරුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගත් අතර ගොනුකර තිබූ චෝදනා 08න් චෝදනා 04කට සැකකරු වැරදිකරු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එක් චෝදනාවකට වසර 07 බැගින් අවුරුදු 28ක් වසර 07ක් තුල ගෙවීයන පරිදි බරපතල වැඩ සහිත සිරදඬුවමක් අධිකරණය විසින් නියම කෙරුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site