Home News Breaking බස් ගාස්තුවත් ඉහළට?

බස් ගාස්තුවත් ඉහළට?

861 views

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් රථ ගාස්තු ඉහළ නංවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

අද දෙරණ විමසීමකදී එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, සිය සංගමයේ සාමාජිකයින් අද(11) දහවල් රැස්වී ඉහළ යන මිල ගණන් පිළිබඳව තීරණයකට එළැඹෙන බවයි.

මේ අතර ඊයේ(10)මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රිරෝද රථ කුලී ගමන් ගාස්තුව පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 10කින් ඉහළ නංවා තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පසුගිය බදාදා රාත්‍රියේ පැවති හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී තීරණය කෙරුණා.

ඒ අනුවමෙතෙක් ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ක් , ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 148 , ඔටෝ ඩිසල් ලීටරයක් රුපියල් 109 ක් , සුපිරි ඩිසල් ලීටරයක් රුපියල් 119ක් දක්වා මිල ඉහළ නංවනු ලබයි.

එමෙන්ම රුපියල් 44ක්ව පැවති භුමිතෙල් ලීටරයක මිල රුපියල් 101 දක්වා ඉහළ ගියා.

මීට සාපේක්ෂව ලංකා IOC සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ක්, හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 151 ක් දක්වා ඉහළ නංවනු ලබයි..

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 ක් ලෙස ද සුපර් ඩිසල් ලීටරයක් රුපියල් 119 ක් දක්වා ද මිල වැඩි කළ බවද IOC සමාගම නිවේදනය කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site