Home News Breaking බස් රථක් ලොරි රථයක ගැටෙයි

බස් රථක් ලොරි රථයක ගැටෙයි

2,180 views

දඹගල්ල ප්‍රදේශයේ මොණරාගල, සියඹලාන්ඩුව ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මොණරාගල සිට ඇතිමලේ දක්වා ගමන් කළ මොණරාගල ඩිපෝවට අයත් බස් රථයක් හා සියඹලාන්ඩුව දෙස සිට තංගල්ල බලා ධාවනය වූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

මෙම අනතුරෙන් බස් රථයට හා ලොරි රථයට බරපතල හානි සිදුව තිබෙනවා.

ලොරි රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකි වීම නිසා මෙම අනතුර සිදුවූවා ද යන්න පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.