Home News Breaking බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව කොටි හිතවාදීන්ගේ උද්ඝෝෂණයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව කොටි හිතවාදීන්ගේ උද්ඝෝෂණයක්

526 views

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ ක්‍රියා කලාපයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (09) රාත්‍රී 7.30ට පමණ එම උද්ඝෝෂණය පැවති බව වාර්තා වනවා.

පසුගිය 04 වනදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවති අතර එම උද්ඝෝෂකයින්ට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් අභිනයෙන් සිදුකළ දැනුම්දීමකට විරෝධය පළ කරමින් එම උද්ඝෝෂණය පැවති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අදාළ උද්ඝෝෂණයට සමගාමීව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට සහය පළ කිරීමට එම ස්ථානයට පැමිණ තිබෙනවා.

එලෙස පැමිණි ශ්‍රී ලාංකිකයින් හට උද්ඝෝෂකයින් විසින් පහරදීමට ද උත්සාහ කළ බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සාමාජික නීතීඥ රිෂ් උඩවත්ත ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site