Home News Breaking බ්‍රිතාන්‍යයේ සිට යොවුන් වියේ ආදරයක් සොයා පැමිණි මහලු කතට අවසානයේදී උරුම වුන...

බ්‍රිතාන්‍යයේ සිට යොවුන් වියේ ආදරයක් සොයා පැමිණි මහලු කතට අවසානයේදී උරුම වුන දේ PHOTOS

SHARE

තමාට වඩා වයස ඇවුරදු 33ක් ළාබාල ශ්‍රී ලාංකේය තරුණයෙකු සමග විවාහ වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සිය තරුණ සැමියා හදිසියේ මියයෑමෙන් පසු යළි සිය රටට යෑමට මුදල් නොමැතිව ශ්‍රී ලංකාවේ සිරවී සිටින බව ඩේලිමේල් අනාවරණය කරනවා.

ඩයෑන් ඩි සොයිසා නමැති 59 හැවිරිදි මෙම කාන්තාව 2011 වසරේදී ප්‍රියංජන නමැති ශ්‍රී ලාංකේය තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සිය ප්‍රේමය දළුලා වැඩෙන විට එඩින්බරෝ නුවර වූ සිය නිවස විකුණා, තමා කරමින් සිටි රැකියාවෙන්ද ඉවත්වී 2015 වසරේදී මෙම කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, වැඩිකල් යෑමට පෙර මෙම තරුණයා මුදල් අරඹයා තමාව විවාහ කරගෙන ඇති බව තමාට තේරුම්ගිය බව පවසන ඇය, තම නිවසේ නිතර අඩදබර ඇති වූ බවද පවසා තිබෙනවා.

කෙසේ වෙතත්,පසුගිය මාසයේදී සිය ස්වාමියා වෙඩි තැබීමකින් ඝාතනය වූ බව පවසා ඇති මෙම කාන්තාව දැන් යළි තම රටට යෑමට මුදල් නොමැතිව තමන් ශ්‍රී ලංකාවේ කොටුවී සිටින බව සඳහන් කරනවා.

එමෙන්ම, තම නිවස විකුණා ලබාගත් මුදලින් ස්ටර්ලිං පවුම් 100,000ක් පමණ තම ස්වාමියාට ලබාදුන් බවද ඇය සඳහන් කර තිබෙනවා.

මේ අතර අදාළ කාන්තාවගේ පවුලේ ඥාතීන් පවසා ඇත්තේ ඇයට මෙම විවාහය කර නොගන්නා ලෙස බල කර සිටියත් ඇය සිය කැමැත්තෙන්ම මෙම ළාබාල තරුණයා සොයා ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

එමෙන්ම, මෙම තරුණයාගේ මව, මෙම කාන්තාවට වඩා වසරකින් ළාබාල බවද ඇයගේ ඥාතීන් ඩේලිමේල් වෙත පවසා ඇති අතර, මෙතරම් වයස පරතරයක් ඇති අයෙකු සමග විවාහ නොවන ලෙස ඔවුන් ඇයට බලකර තිබෙනවා.

කෙසේ වෙතත්, ප්‍රියංජන නැමති මෙම තරුණයාද කප්පම් සිද්ධියක් හේතුවෙන් ඝාතනයට ලක්ව ඇති බවද ඩේලිමේල් වාර්තා කරනවා.

මේ අතර අදාළ කාන්තාව කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සමග සම්බන්ධ වෙමින් යළිත් සිය රට බලා යෑමට උත්සාහ කරමින් සිටින බවයි ඩේලිමේල් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site