Home News Breaking බැසිල් අගමැතිගේ පැත්ත ගනියි

බැසිල් අගමැතිගේ පැත්ත ගනියි

257,940 views

ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැඩි අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා සිටින්නේ විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට සහාය ලබා නොදිය යුතුය යන ස්ථාවරකය.

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන විට බැසිල් රාජපක්ෂගේ වැඩි සහයක් එයට ලැබෙන බවක් පෙනෙන්නට නැති බවත් මෙවැනි දේශපාලන මෙහෙයුම්වලට නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ එයට කිසිදු සහයක් ලබා නොදෙමින් නිහඬව සිටින බවත් වාර්තා වනවා.

මේ අතර බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ අදහස වී තිබෙන්නේ ඉදිරි වසර දෙකක කාලයක තුළදී අගමැති රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව පත්වාගෙන යාමට අවස්ථාව ලබාදිය යුතු බවත් තවත් අවුරුදු දෙකක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා රට පාලනය කළ විට දැනට තිබෙන ජනතා අප්‍රසාදය ඉහළ යනු ඇති බවත් එවිට පහසුවෙන් ඒකාබද්ධ විපක්ෂයට ඉදිරි මැතිවරණය ජයගත හැකි බවත් ඔහුගේ අදහස වී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කළා.

එහෙත් විශ්වාසභංගයට පක්ෂව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇතැම් කණ්ඩායම් සමග බැසිල් රාජපක්ෂ පවත්වන සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යන බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් තබා නොමැතිවීම ද විශේෂත්වයක්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site