Home News Breaking බෙහෙත් පෙති කැබැල්ලක් උගුරේ සිරවී කුඩා දැරියක් ජීවිතක්ෂයට

බෙහෙත් පෙති කැබැල්ලක් උගුරේ සිරවී කුඩා දැරියක් ජීවිතක්ෂයට

321 views

බෙහෙත් පෙති කැබැල්ලක් උගුරේ සිරවීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුරුණෑගල, වැල්ලව, හැඟව ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.බී. දහම්දි අරලියා නමැති වයස අවුරුදු දෙකක දැරියක් පසුගිය 19 වනදා මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දැරියට ඇති වූ අසනීප තත්වයකට ප්‍රතිකාර ලබාගෙන පැමිණ ඖෂධ සඳහා ලබාදුන් බෙහෙත් පෙත්තක කැබැල්ලක් පෙවීමට යාමේදී එය ඇයගේ උගුරේ සිරවී ඇති බව සඳහන්.

බෙහෙත් පෙති කැබැල්ල දැරියගේ උගුරේ සිරවීමෙන් අනතුරුව දෙමව්පියන් විසින් ප්‍රතිකාර සඳහා ඇය කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී දැරිය මියගොස් ඇති බවයි වැල්ලව පොලිසිය පැවසුවේ.

කුරුණෑගල නාගරික හදිසි මරණ පරික්ෂකවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර වැල්ලව පොලිසිය චිසින් සිද්ධියට අදාලව සාක්‍ෂි මෙහෙයවනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site