Home News Breaking බෞද්ධ රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට සහභාගිවූ පිරිසක් ගමන් ගත් බස් රියක් 18 වංගුවේදී...

බෞද්ධ රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට සහභාගිවූ පිරිසක් ගමන් ගත් බස් රියක් 18 වංගුවේදී පෙරළෙයි

SHARE

මහනුවර- මහියංගණය මාර්ගයේ හසලක 18 වංගුව ප‍්‍රදේශයේදී 08 වංගුව ආසන්නයේදී පුද්ගලික බස්රථයක් පෙරළී යාමෙන් තුවාල ලැබූ එහි ගමන් ගත් මගීන් 22 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එයින් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී බස්රථයේ මගීන් 35 දෙනෙකු ගමන් කරමින් සිටි බව සඳහන් වනවා.

දෙහිඅත්තකණ්ඩියේ, බඹරවාන ගම්මානයේ පිරිසක් කොළඹ බෞද්ධ රූපවාහිනි නාලිකාවක වැඩසටහනක් සඳහා සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙන බව වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site