Home News Breaking භූමි තෙල් අඩු කෙරෙන යෝජනාව, අද කැබිනට් මණ්ඩලයට

භූමි තෙල් අඩු කෙරෙන යෝජනාව, අද කැබිනට් මණ්ඩලයට

540 views

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව අද (12) මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා පහත දැමීමට නියමිතයි.

ඊට අදාළ යෝජනාව අද (12) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ධීවර සංගම්වල නියෝජිතයන් සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අතර ඊයේ (11) සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ධීවරයින් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා පහත හෙලීමට එකඟතාව පළ කර තිබෙනවා.

පසුගිය මැයි මස 10 වන දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය කටයුතු කිරීමත් සමඟ රුපියල් 44ක්ව පැවති භූමි තෙල් ලීටරයක් රුපියල් 101 ක් දක්වා ඉහළ දැමුවේ රුපියල් 57කින්.

ඊට විරෝධය පළ කරමින් හලාවත, මීගමුව, බේරුවල ඇතුළු ප්‍රදේශ රැසක ධීවරයින් පසුගිය දින කිහිපයේම විරෝධතා ව්‍යාපාරයන් දියත් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site