Home News Breaking මගීන් 80ක් එක්ක ධාවනය වෙමින් තිබූ බස්‌ රථයේ රෝදයක් ගැලවී විසිවෙයි

මගීන් 80ක් එක්ක ධාවනය වෙමින් තිබූ බස්‌ රථයේ රෝදයක් ගැලවී විසිවෙයි

186 views

මහියංගණ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් බස්‌ රථයක්‌ එහි ඉදිරිපස රෝදයක්‌ ගැලවී ඉවතට විසිවී යැමෙන් ඊයේ (10 දා) උදැසන 7.30 ට පමණ මීගහකිවුල 15 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්‌ථාවේ පාසල් දරුවන් ඇතුළු අසූවකට ආසන්න මගීන් පිරිසක්‌ බස්‌ රථයේ ගමන් කළද අනතුරින් කිසිවකුටත් සිරීම් තුවාලයක්‌ හෝ සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

ධාවනය වෙමින් තිබූ බස්‌ රථයේ දකුණු පස ඉදිරි රෝදය එහි ඇක්‌සලය හා තවත් යාන්ත්‍රික කොටස්‌ කීපයක්‌ද සමග එක්‌වරම ගැලවී විසිවීමෙන් මෙම අනතුර සිදුවූ බව බස්‌ රථයේ ගමන් ගත් පිරිස සඳහන් කළා.

“පාසල් වේලාව නිසා බස්‌ එකේ විශාල පිරිසක්‌ සිටියා. 15 කණුව කන්ද ඇවිත් වංගුව ගන්නවත් එක්‌කම රියදුරු අසුන ළඟ රෝදයෙන් ශබ්දයක්‌ ආවා. ඒ එක්‌කම රෝදෙ ගැලවිලා බස්‌ එක පොළවට පහත් වුණා.” යැයි සිද්ධිය විස්‌තර කළ බස්‌ රථයේ ගමන් කළ මගියෙක්‌ කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site