Home C Gossip “මට ආදරේ හිතෙන්නෙම අක්කලාටනේ”

“මට ආදරේ හිතෙන්නෙම අක්කලාටනේ”

SHARE

රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් තමයි ජනිත් වික්‍රමගේ කියන්නේ. මේ ආදරය ඔහුට දැනෙන විදිහ ගැන පුවත්පතක් සමඟ කල කතා බහක්.

පාසල් ප්‍රේමය සුන්දරයිද?
ඕනම කෙනෙක්ට නැවුම්ව ලැබෙන අත්දැකීමක් පාසල් ප්‍රේමය තුළ තියෙන්නේ. නමුත් දීර්ඝකාලීන සම්බන්ධතාවකදී පසුකාලීනව ජීවිතේ ලබන අත්දැකීම් එක්ක පාසල් ප්‍රේමයකට එහා ගිය දෙයක් ආදරය තුළ තියෙනවා.

ආදරය මුලින්ම හිතට දැනෙනකොට වයස කීයද?
ආදරයක්ම කියලා හරි වැටහීමක් නැති හැඟීමක් මුලින්ම හිතට ආවේ දහම් පාස‍ලේදි. අපිට උගන්වන්න ආව අක්කා කෙනෙක් ගැන. ඒ හැඟීම ඇතිවෙනකොට වයස අවුරුදු 15ක් ඇති.

ආදරය මුලින්ම ප්‍රකාශ කළ යුත්තේ හැමවිටම පිරිමි ළමයද?
ආදරය කියන හැඟීම කාන්තාවට පිරිමියාට කියලා වෙන් වෙන්නේ නෑ. ඒක ‍පොදු හැඟීමක්. සම්මතයට අනුව පිරිමියා ආදරේ ප්‍රකාශ කළත් අද දියුණු ලෝකයත් එක්ක එහෙම සීමාවක් පැවතිය යුතු නැහැ.

අප්‍රකාශිත ආදරයක් ඔබට තිබේද? තිබුණාද?
මගේ ජීවිතේ එහෙම අවස්ථා තිබිලා නෑ.

ඔබට වඩා වයසින් වැඩිමහල් කෙනකු ගැන ආදරයක් හිතිලා තියෙනවාද?
මට හිතෙන තරමක් වැඩිපුර ආදරේ හිතිලා තියෙන්නේ මට වඩා වයසින් වැඩි අයට.

පෙම්වතිය ඔබට ආදරයට කියන නම මොකක්ද?
කාලෙන් කාලෙට හිටිය පෙම්වතියෝ ඉතින් එක එක නම් කියනවා. ඒ අතරින් ජනු කියන නම තමයි ගොඩක්ම කියලා තියෙන්නේ.

ඇය සමග තරහ වුණාම ඔබ මොකද කරන්නේ?
අපේ පරණ කතාවක් ගැන කීවම ඉතින් එයාව ෂේප් කරගන්න පුළුවන්.

විරහව එක පේළියකින් විස්තර කරන්න?
ආදරේ තුළ තියෙන අත්දැකීමක් තමයි විරහව.

ආදරය එක් සහකාරියකට පමණක් සීමා විය යුතුද?
ආදරයක් හිතේ වේ නම් එය ඒ කෙනා වෙනුවෙන්ම විය යුතුයි. ඒක තමයි මගේ විශ්වාසය.

මේ වෙද්දි ගැහැනු ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියෙනවාද?
මේ වෙනකොට ගැහැනු ළමයි දෙන්නෙක් දාලා ගිහින් තියෙනවා.

ආදරයට නිර්වචනයක් දෙන්න?
ලෝකේ තියෙන වචන අතරින් ලස්සනම සහ නරකම වචනය ආදරය.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site