Home News Breaking මත්ද්‍රව්‍ය මැඩලීමට ත්‍රිවිධ හමුදාවල දායකත්වය

මත්ද්‍රව්‍ය මැඩලීමට ත්‍රිවිධ හමුදාවල දායකත්වය

93 views

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව අමත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඒකාබද්ධ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුනා.

මත්ද්‍රව්‍ය ජාවාරම වඩාත් සර්ථකව මැඩපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සක්‍රීය දායකත්වය වැඩිවශයෙන් ලබාගැනීම මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වනවා.

මේ අතර මත් කුඩු ජාවාරමට සම්බන්ධය පුද්ගලයින් හට මරණීය දඬුවම ලබා දීමේ ක්‍රම වේදයක් සකසන බව ඊයේ(10) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී යොජනාවු බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළා.

එම යොජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ බවත් කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා එම යෝජනාව ඒකමතිකව අනුමත කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site