Home News Breaking මන්ත්‍රීවරයෙකුට අයත් නිවාඩු නිකේතනයක පුද්ගලයෙක් අභිරහස් ලෙස මියයයි

මන්ත්‍රීවරයෙකුට අයත් නිවාඩු නිකේතනයක පුද්ගලයෙක් අභිරහස් ලෙස මියයයි

SHARE

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේනගේ බිරිදට අයත් නිවාඩු නිකේතනයක සූපවේදියෙකු වශයෙන් සේවයේ නියුතුවූ පුද්ගලයෙකු අභිරහස් අන්දමින් මියයාම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අභිරහස් අන්දමින් මිගොස් ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී සූපවේදියෙකු වශයෙන් නිවාඩු නිකේතනයේ සේවයට පැමිණි කිරිවැල්දොල දෙනියාය ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරදි පාහීනන්ද ජයබාහු යන අයයි.

ඔහු විවාහකයෙකු වුවත් බිරිද හා දරුවන් සුනාමියෙන් අතුරුදන්වී ඇති බවයි පොලිසියට අනාවරණය වී තිබෙන්නේ.

ඔහු අනුරාධපුර මාතලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුළමේ පිහිටි හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍ර සේනගේ බිරිදට අයත් නිවාඩු නිකේතනයේ සූපවේදියෙකු වශයෙන් සේවය කර ඇති බවත් (21) වනදා රාත්‍රීයේ නිවාඩු නිකේතනයේ සාදයක් පවත්වා ඇති බවත් පොලිසිය සඳහන් කළා.

එම සාදය පසුදින අළුයම 01.30ට පමණ අවසන් වීමෙන් අනතුරුව මිය ගිය පුද්ගලයා නිකේතයේ ඉහල මාලයට ගොස් එහි කාමරයක් ආසන්නයේ බිම නිදා ඇති බව පරික්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියා සිටියා.

ඔහු නිදාසිටි ස්ථානයේ ආරක්ෂිත වැටක් නොතිබූ බවත් නිදා සිටියදි අඩි 12ක් පමණ උස ඉහල මාලයේ සිට පහල මාලයට වැටි හිස පොලවේ ඇනිමෙන් බරපතල තුවාල ලබා ඔහු මිය යන්නට ඇති බවට පොලිසිය සැකකලත් කිසියම් අයෙකු ඔහුව එම ස්ථානයෙන් බිමට ඇද දැමුවේද යන්න සම්බන්ධයෙන්ද සැකයක් මතුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහල මාලයට වැටිසිටි සූපවේදියාගේ හිසට දරුණු තුවාල සිදුව තිබූ බවත් ඔහු බිම වැටී සිටියදී ආයතනයේ සේවකයන් පිරිසක් දැක (22) වනදා අළුයම මරණකරුව ප්‍රතිතාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්කර තිබෙන බව පොලිසිය කියා සිටියා.

ඔහු මියගිය ස්ථානයට අමතරව නිවාඩු නිකේතනයේ සාදය පැවති ස්ථානයේ සිට මාර්ගයට යන තෙක්ම ලේ බිංදු වැටී තිබීම නිසා කිසියම් අයෙකු ඔහුව ඝාතනය කර පලාගියේද යන්න පිළිබදව සැක මතුවී තිබෙන බව පොලිසිය පැවසු අතර නැති නම් සාදය අතරතුර කිසියම් තුවාලයක් සිදුවූ අයෙකුගේ ලේ පැල්ලම් වියහැකි බවට සැකකරන බව පොලිසිය සඳහන් කරනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site