Home News Breaking මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ සහෝදරයෙක් අභිරහස් ලෙස මියයයි

මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ සහෝදරයෙක් අභිරහස් ලෙස මියයයි

SHARE

බදුල්ලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ සහ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකුගේ සහෝදරයෙක් මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පියා පෙරේදා (01) රාත්‍රියේ නිදි යහනේදී අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

මොහු නිදා සිටි කාමරයේ වහලය කඩා ඇති අතර එම වහලය කඩාගෙන යම් අයකු කාමරයට ඇතුළු වී මොහු සාහසික ලෙස ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන ගිය ඩී.ඩී. සිරිපාල වික්‍රමරත්න නැමැති 75 හැවිරිදි පස්දරු පියෙක්.

මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් අංශ කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.

මිය ගිය සිරිපාල වික්‍රමරත්න මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එඩ්වින් වික්‍රමරත්න, ඩී.ඩී. ඩබ්ලිව්. වික්‍රමරත්න සහ බදුල්ල නාගරික මන්ත්‍රී ජගත් වික්‍රමරත්න යන අයගේ සහෝදරයෙක් වන අතර ඌව පළාත් සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී අජිත් දේශප්‍රිය වික්‍රමරත්නගේ පියා ද වනවා.

මොහු පෙරේදා (01) රාත්‍රී සංචාරක හෝටලයේ සේවා කටයුතු අවසන් වීමෙන් පසු සිය කාමරයේ නිදාගැනීමට ගොස් ඇති බවත් පසුදින ඔහුගේ මළ සිරුර කාමරයේ ඇඳ අසල තිබී පොලිසිය සොයාගත් බවත් සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site