Home News Breaking මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම හකුලාගත යුතුයි

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම හකුලාගත යුතුයි

111 views

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන්නේ නම් එම සැළසුම් හකුලාගත යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙන්නේ එම දඩුවම ක්‍රියාත්මක නොකර, පවත්වාගෙන පැමිණි ධනාත්මක වාර්තාව තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රි ලංකාව පියවර ගත යුතු බවයි.

මරණ දඩුවම, කෘර සහ වෙනස් කළ නොහැකි දඩුවමක් බවයි ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ.

ලොව බොහෝ රටවල් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති මොහොතක මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමෙන් ශ්‍රී ලංකාව එම බිහිසුණු පිළිවෙත අනුගමනය කරන රටවල් ගොන්නට එක්වීමේ වැරදි පියවරක් ගැනීමට උත්සාහ කරන බව ක්ෂමා සංවිධානය පෙන්වා දෙනවා.

රජය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා නම් එය කඩිනමින් නැවැත්විමට පියවර ගත යුතු අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තම සංවිධානයන සම්පූර්ණයෙන් විරුද්ධ බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site