Home News Breaking මරණ දඬුවමට අත්සන් තැබීමට ජනපති තීරණය කරයි

මරණ දඬුවමට අත්සන් තැබීමට ජනපති තීරණය කරයි

144 views

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව බන්ධනාගාරයේ රැඳී සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට මරණ දඩුවම ක්රිියාත්මක කිරීමට අදාළ ලියවිල්ලට තමා අත්සන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මෑතකදී වාර්තා වූ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට මරණ දඩුවම නියම වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව ජනාධිපතිවරයා පැවසුවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (10) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා වූ බව සඳහන් කල ජනාධිපතිවරයා එම ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබා දීමෙන් තොරව මෙම තත්ත්වය පාලනය කල නොහැකි බවට පෙනී ගොස් ඇති බව කියා සිටියේ.

මරණ දඬුවම නියම වූවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සඳහා ජනාධිපතිවරයා අත්සන් කල යුතු අතර රටට, සමාජයට මෙන්ම හෙට උපදින දරුවන්ගේ යහපත වෙනුවෙන් එවැනි ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සඳහා තමා අත්සන් තබන බව මහනුවර, ගැටඹේ ප්‍රදේශයේ අද (11) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site