Home News Breaking මර්දනය කිරීමට අපහසු නව මැලේරියා මදුරු විශේෂයක් සොයාගැනෙයි

මර්දනය කිරීමට අපහසු නව මැලේරියා මදුරු විශේෂයක් සොයාගැනෙයි

543 views

“ඇනෝපීලිස් ස්ටීවන්සායි” නමැති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වවුනියාවෙන් හමුවීමත් සමග සෞඛය බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

මෙම නව මැලේරියා මදුරු විශේෂය ඉන්දියාවෙන් පළමුව වාර්තා වන අතර මර්දනය කිරීමටද තරමක් අපහසු බවයි සෞඛය බලධාරීන් පවසන්නේ.

ජාතික මැලේරියා මර්දන ඒකකය සඳහන් කර සිටියේ, නව මැලේරියා වාහක මදුරුවා තලෙයි මන්නාරම ප්‍රදේශයේ පේසාලේ ළිඳක තිබී පළමුව සොයාගෙන ඇති අතර, පසුව වවුනියාවේ බස්නැවතුම්පළ ආසන්නයේ සහ ළිඳක තිබී හමුවූ බවයි.

කෙසේ වෙතත් මේ දිනවල අදාළ මදුරු කීටයින් සොයා වවුනියාව නගර ආශ්‍රිතව විශේෂ පරීක්ෂණයක් සිදුකෙරෙන බවද එම නිසා ජනතාව අනියත බියක් විය යුතු නොවන බවද ජාතික මැලේරියා මර්දන ඒකකය සඳහන් කළා.

මේ පිළිබඳව මහජන සෞඛය නියෝජ්‍ය සෞඛය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම සඳහන් කලේ මේ වනතුරු වවුනියාවෙන් එවැනි මදුරු විශේෂයක් හමු වුනත් එවැනි රෝගීන් කිසිවෙක් වාර්තා වී නොමැති බවයි.

“මේ මදුරු වාහකයා නගර ආශ්‍රිතව සිටින මදුරුවෙක් ඒ නිසා අපි පිටරටින් එන මැලේරියා රෝගීනුත් බොහෝ ප්‍රමාණයක් හඳුනා ගන්නවා සෑම වසරකම. නමුත් පිටරටින් එන රෝගීන් අතර මේ මදුරු විශේෂයේ රෝගීනුත් ඉන්නවනම් මෙය පැතිරෙන්නටත් පුළුවන්. යනුවෙන් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site