Home News Breaking මවක් ළමා ආරක්ෂක අධිකාරියේදී වස පානය කරයි

මවක් ළමා ආරක්ෂක අධිකාරියේදී වස පානය කරයි

700 views

තම දරුවා මුහුණ දෙන ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේදී වස පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ මවක්, ඊයේ (12) පස්වරුවේ රෝහල් ගත කර තිබෙනවා.

දැනට පරිවාස භාරයේ සිටින තම පුතුට සිදුවන හිරිහැර පිළිබඳ පැමිණිලි කර තිබුණ ද ඊට අධිකාරියෙන් ප්‍රතිචාරයක් නොමැති බව පවසමින් ඇය සියදිවි හානි කර ගැනීිමට උත්සහ කර ඇති බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

24 හැවිරිදි මෙම මව වස පානය කිරිමෙන් අනතුරුව ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින් ඇයව පළමුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච්.එම්. අබේරත්නගෙන් මේ පිළිබද අප කළ විමසීමකදී කියා සිටියේ වස පානය කළ මෙම කාන්තාව කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත් 24 හැවිරිදි කාන්තාව ජයවර්ධනපුර රෝහලේ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශිකාව කියා සිටියේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site