Home News Breaking මහරගම රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

මහරගම රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

870 views

හයිලෙවල් මාර්ගයේ මහරගම නගර සභාව අසළදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පදික මාරුව හරහා ගමන් කරමින් සිටි එම පුද්ගලයා මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති අතර කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසුවා.

මියගොස් ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සිදුකර මෝටර් රථයෙන් පළා යමින් සිටි රියදුරා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site