Home News Breaking මහාධිකරණ විනිසුරුට වෙඩි තැබීමට උත්සහ කළ පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්

මහාධිකරණ විනිසුරුට වෙඩි තැබීමට උත්සහ කළ පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක්

SHARE

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන්ට ආරක්ෂාව සපයමින් ගමන් කරමින් සිටියදී පොලිස් සැරයන්වරයෙකුට වෙඩි තැබූ පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ ඔහු පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවයි.

සිවරාසා ජයන්තන් නමැති මොහු 2012 වසරේ යාපනයේ සිදුවූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා මෙහෙයුම් සිදුකරන බව උසස් පොලිස් නිළධාරියෙකු කියා සිටියා.

මේ අතර වෙඩි වැදී මියගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඔහු මෙලෙස උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍රගේ දේහය හලාවත – කුමාරකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ මේ වනවිට තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව හෙට සිදුකිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site