Home News Breaking මහානාමගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

මහානාමගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු ද වූ රොෂාන් මහානාමගේ පියාණන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහානාම උපාලි සිරිවර්ධන මහතාගේ දේහය කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ අංක 100/2 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇති උපාලි මහානාම විශ්වවිද්‍යාල 11ක බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කළා.

ඔහු යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග මෙන්ම ආසියාකරයේ රටවල් 20ක පමණ වසර ගණනාවක් තිස්සේ පුහුණු වැඩසටහන් පවත්වා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site