Home News Breaking මහින්ද ඒකාබද්ධයෙන් ආවොත් ශ්‍රීලනිපයෙන් නෙරපනවලු – ප්‍රබලයෙක් කියයි

මහින්ද ඒකාබද්ධයෙන් ආවොත් ශ්‍රීලනිපයෙන් නෙරපනවලු – ප්‍රබලයෙක් කියයි

360 views

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කිරීම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිඛිතව කර ඇති ආරාධනය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවහොත් ඔවුන් සියලුම දෙනා පක්‍ෂය හැරගියා සේ සැලකීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇතැයි පක්‍ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා දිගු කළ මිත්‍රත්වයේ දෑත හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු ප්‍රතික්‍ෂේප කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විරුද්ධව කඳවුරු බඳින්නට තීරණය කරන්නේ නම් පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ගත හැකි වෙන විකල්පයක්‌ නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

මේ පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ගෙන් කළ විමසීමේදී ඔවුන් පැවසුවේ තමාට තවමත් එවැනි ආරාධනාවක්‌ ලැබී නොමැති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site