Home News Breaking මාධ්‍ය මර්දනයක් ඉදිරියේදී සිදුවෙයිද ?

මාධ්‍ය මර්දනයක් ඉදිරියේදී සිදුවෙයිද ?

SHARE

මාධ්‍ය මර්දනය සඳහා දැරූ විවිධ උත්සහයන් පසුගිය සමයේ වරින් වර මතු වී තිබේ.

ජනවාරි 8 වෙනසත් සමග බලයට පැමිණි පුද්ගලයින් දුන් ප්‍රධාන ප්‍රතිඥාවක් වූයේ, මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන බවයි.

එහෙත් මේ පොරොන්දුවට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාවලියක් මේ වන විට ආරම්භ කර ඇත.

මේ අනාවරණය ඒ පිළිබඳවයි,

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත ලෙස නම් කළ ලියවිල්ලක් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

කැනේඩියානු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ටෝබි මෙන්ඩෙල් සහ ආචාර්ය ප්‍රදීප්. එන්. වීරසිංහ යන දෙදෙනාගේ මූලිකත්වයෙන් මේ ලියවිල්ල පිළිබඳව මේ වන විට විවිධ සාකච්ඡා සංවිධානය වෙමින් පවති.

වාර්තාවන ආකාරයට මෙම ලියවිල්ල කෙටුම්පත් කර ඇත්තේ, යුනෙස්කෝ සංවිධානයේ සංවර්ධන සන්නිවේදනය පිළිබඳව ජාත්‍යන්තර වැඩසටහනේ අධ්‍යක්ෂවරයෙකු වූ විජයානන්ද ජයවීරයි.

මාධ්‍ය නිදහස තහවුරු කිරීමට යැයි පවසමින් සකසා ඇති ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත නමැති ලියවිල්ලේ කරුණු ගණනාවක් ඇතුලත් වේ.

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳව ස්වාධීන මණ්ඩලයක් ඇති කිරීමට මේ මගින් යෝජනා කරන අතර එහි සභාපති ධූරයට නීතිඥවරයෙකු හෝ විශ්‍රාමික විනිසුරුවරයෙකු පත් කිරීමට යෝජනා කර තිබේ.

ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රකාශන පිළිබඳව ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඊට බලය පැවරෙන අතර මණ්ඩලයේ කටයුතුවලට එරෙහිව නඩු පැවරිය නොහැකි ය.

මණ්ඩලයට එරෙහිව අධිකරණයේ නඩු පැවරිය නොහැකි බවට මුක්තියක් ලබාදීමට යෝජනා කරන්නේ රටේ විධායක ජනාධිපතිවරයා පවා මුක්තිය ඉවත් කිරීමට යෝජනා කරන පසුබිමකයි.

ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රකාශන මෙම මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතු අතර එහිදී ප්‍රකාශකයා සහ ප්‍රධාන සංස්කාරක අනාවරණය කළ යුතුව තිබේ.

ප්‍රවෘත්ති මාධ්‍ය මෙම මණ්ඩලයට ගාස්තුවක් ගෙවිය යුතු වීම විශේෂත්වයකි.

පනතේ කාර්යයන් ඉටු කිරීමට අවශ්‍යවන ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනවල ඕනෑම තොරතුක් ලබා ගැනීමට මේ පනතින් ඉඩ ලැබෙන අතර මාධ්‍යවේදීන් සතුව ඇති තොරතුරු සියල්ල ද ලබාගත හැකි ය.

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳව ස්වාධීන මණ්ඩලයේ නියෝග ක්‍රියාත්මක නොකරන ප්‍රවෘත්ති ආයතනයකට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරා රුපියල් මිලියනයක් දක්වා දඩයක් පැනවිය හැකිවීම මේ ලියවිල්ලේ තව ත් පුදුමය දනවන යෝජනාවකි.

මෙම මණ්ඩලය දන්වන අවස්ථාවලදී එහි පෙනී නොසිටින මාධ්‍යවේදීන්ට මහේස්ත්‍රාත් නඩු විභාගයකින් පසුව මාස 3ක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් පැනවිය හැකියි.

මෙම ලියවිල්ල සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාකාරීව කටයුතු කරන ටෝබි මෙන්ඩෙල් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, රංග කලන්සූරිය කලාපීය උපදේශකයෙකු ලෙස සේවය කරන ඉන්ට නැෂනල් මීඩියා සපෝර්ට් නැමැති ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය සමග සමීපව කටයුතු කරන අයෙකි.

මෙන්ඩෙල් නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහාවන සංවිධානය හෙවත් සී.එල්.ඩී නමැති තව ත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක විධායක අධ්‍යක්ෂවරයායි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කිරීම මේ සංවිධානයේ මූලික කාර්යය භාර්ය වේ.

ටෝබි මෙන්ඩෙල් අවස්ථා ගණනාවකදී රංග කලන්සූරිය සමග ද සමීපව කටයුතු කර තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු – සුනන්ද දේශප්‍රිය,

අද සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම රහසිගත ක්‍රියාවලියක්. ඩෙන්මාර්කයේ තියෙන රාජ්‍ය නොවන සංවිධානයක් අයි.එම්. එස් කියන සංවිධානයේ මූල්‍ය පිටුබලය මත තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ. මේ පනත තනි පුද්ගලයෙක් නැත්නම් දෙන්නෙක් හදපු එකක්. ඒ පනත රට හරහා ගෙනියන්නේ කුඩා කණ්ඩායමක්. ඒකට ජනමාධ්‍ය සංවිධාන කිසිම දෙයක් සම්බන්ධ නැහැ. නමුත් අනිත් අතට මේක ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු දෙපාර්තමේන්තුවෙන් කරනවා කියලා තමයි කියන්නේ. තොරතුරු දෙපාර්තමේන්තුවෙන් කරනවා නම් ඒ ගොල්ලෝ අපිට කෙලින්ම කියන්න ඕන ආණ්ඩුව මේක ආණ්ඩුවේ වැඩක් මේක ආණ්ඩුවෙන් කරන්නේ කියලා. නමුත් මෙතන වෙන්නේ මුටිට්ය දාලා බලනවා වගේ වැඩක්. මේක වෙන සංවිධානයක් හරහා දාලා බලනවා මේක ක්‍රියාත්මක කරගන්න පුළුවන්ද කියලා. දැන් මේ සඳහා සාකච්ඡා කරන්න පැමිණි ටෝබි මැන්ඩෙල් කියන්නේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් වැඩ කරන විද්වත් මහත්මයෙක්. නමුත් ඔහු මෙහි පැමිණීමට පෙර මේ රටේ ජනමාධ්‍යකරුවන් සමග ජනමාධ්‍ය ආයතන එක්ක මේ ගැන සාකච්ඡාවක් කරන්න අවශ්‍යයි. මේක ආණ්ඩුවේ එකක් නම් මේක ආණ්ඩුව භාර අරගෙන සාකච්ඡා කරන්න. එතකොට ජනමාධ්‍ය ආයතනත් එක්ක කතා කරන්න කියන එකයි අපි කියන්නේ. මේක රහසිගතව මේ විදියට කරගෙන යන එකෙන් වෙන්නේ අපි දන්නේම නැතිව අන්තිමේට ජනමාධ්‍යකරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටෙන පනතක් බවට මේක පත්වෙන්න පුළුවන්. පොඩි එන්. ජී. ඕ එකකින් තමයි මේක කරගෙන යන්නේ. මේ මාධ්‍ය මේ ආණ්ඩුවට මාධ්‍ය මර්දනය කරන්න වුවමනාවකුත් තියෙනවානේ ආණ්ඩුවේ සමහරුන්ට. ඉතිං ඒක ඒ ගොල්ලොන්ගේ අතට මේක ගියොත් මේක හරි භයානක වෙන්න පුළුවන්. මේ ක්‍රියාවලියේ තියෙන ගුප්ත භාවය තමයි මේ ක්‍රියාවලියට සම්පූර්ණයෙන්ම සහය දීලා තියෙන්නේ ඩෙන්මාර්කයේ තියෙන ඉන්ටර්නැෂනල් මීඩියා සපොර්ට් කියන ආයතනය. මේ ආයතනය තමයි අද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් ඉන්න රංග කලන්සූරිය වැඩ කටයුතු කළේ. ඉතිං මේ ක්‍රියාවලියම බැලුවහම රංග කලන්සූරිය වැඩ කරපු අයි. එම්. එස් ආයතනයට කීර්තිය සහ ඒ ආයතනයේ න්‍යාය පත්‍රය අනුව කෙරී ගෙන යන වැඩ කටයුත්තක් වගේ තමයි මේක පේන්නේ. ඉතිං මේ නිසයි අපි කියන්නේ මේක පැහැදිලිව විවෘතව මේ කාර්යය කවුද කරන්නේ කියලා කියන්න කියලා

ලසන්ත රුහුණගේ,

අපි දන්නේ නැහැ මේ කියන කෙටුම්පතේ යෝජනා මාලාවේ කතෘත්වය එහෙම නැත්නම් හිමිකාරිත්වය කවු ද කියලා. ඒවගේම ආණ්ඩුව පැත්තෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ ආණ්ඩුව තවම ප්‍රකාශයට පත් කරලා නැහැ තමන් එවැනි කෙටුම්පතක් හෝ කෙටුම්පත් යෝජනාවක් හදලා තියෙනවා ඒ පිළිබඳව අදහස් දක්වන්න කියලා අපිට ජනමාධ්‍යවේදීන් නියෝජනය කරන සංවිධාන විදියට අපිට දැනුම්දීමක් කරල නැහැ. ඒ හින්දා අපි බරපතළ ප්‍රශ්නයක් තියෙනවා පළමුවෙනුවෙන්ම මේ ලියවිල්ල කාගෙද. කාගේ උවමනාවට ද මේක හැදුවේ. අපිට තේරෙනවා මේ ලියවිල්ල පිටිපස්සේ ආණ්ඩුව ඉන්නවා කියන කාරණය. මොකද මේ ලියවිල්ලට අදාළ කාරණා සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා ඇති වෙනකොට අපිට යම් දැනුම්දීම් ජනමාධ්‍ය සංවිධාන විදියට සහ ජනමාධ්‍යවේදීන් විදියට කරලා තියෙනවා පහුගිය දවස්වල එහිදී අපිට ඒ දැනුම්දීම් සඳහා කතා කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පුද්ගලයින්. අපි දකිමින් තියෙන දේ තමයි මාධ්‍ය ප්‍රතිසංස්කරණයට අදාළ ලේකම් කාර්යාලය යැයි කියාගත් අටවාගත් රාජ්‍ය නොවන සංවිධානයක් මේක රටවටේම අරගෙන යනවා මේ පනතක් ගැන සංවාද කරමින්. කෙටුම්පතක් පිළිබඳව. මොන විදියටවත් රටේ නීතියක් පොදු මහජනතාවට බලපාන විශේෂයෙන්ම මේ කේෂ්ත්‍රයට ජනමාධ්‍යවේදීන්ට බලපාන නීතියක් රාජ්‍ය නොවන සංවිධානයක ව්‍යාපෘතියක් විය හැකි ද බරපතළ ප්‍රශ්නය අපිට තියෙනවා

මාධ්‍ය මර්දනය සඳහා මහින්ද රාජපක්ෂ පාලනය අවස්ථා ගණනාවකදී විවිධ උත්සාහයන් දරා ඇති අතර ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ඇති කිරීමට ද එම කාලසීමාවේ යෝජනා කළ ත් ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනයට ලක් විය.

පොද්ද්ල ජයන්ත, කීත් නෝයාර්, සනත් බාලසූරිය ඇතුළු මාධ්‍යව්දීන් රැසකට මේ කාලසීමාවේ පහරදුන් අතර සිරස මාධ්‍ය ජාලයේ දෙපානම මැදිරි සංකීර්ණයට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර විනාශ කළේ ය.

අවසානයේ සිදු වූයේ එම රජයට රාජ්‍ය බලය ද අහිමිවීමයි.

2015 ජනවාරි 8 වන දා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ නව පාලනයක් වෙනුවෙන් රටේ බහුතර ජනතාව කැමැත්ත පල කළ අතර පසුව බලයට පත් දින සියයේ ආණ්ඩුව ද මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළේ ය.

දැන් යළි ත් පනත් කෙටුම්පතක් යැයි කියන ලියවිල්ලක් මුවාවෙන් විදේශිකයෙකු ද සම්බන්ධ කර ගෙන මේ උත්සාහ දරමින් සිටින්නේ මාධ්‍ය මර්දනයකට ද?

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site