Home News Breaking මාළුත් එක්ක රුපියල් කෝටි 3ක් මතු වෙයි

මාළුත් එක්ක රුපියල් කෝටි 3ක් මතු වෙයි

892 views

මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමාධිගම පොලිස් විශේෂකාර්ය බලකාය සමත් වුණා. ලූණම ප්‍රදේශයේදීයි සැකකරු අත්අඩංගුවට ගැණුනේ.

විශේෂකාර්ය බලකා කදවුරේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරුනු අතර අදාළ ලොරි රථය පරීක්ෂා කිරීමේදී වියළි ගංජා මිලි ග්‍රෑම් 11ක් සමග රුපියල් කෝටි 3කට අධික මුදලක් සොයා ගැනීමට හැකි වුණා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඔහු සතුව තිබී වියළි ගංජා මිලි ග්‍රෑම් 9ක් සමග රුපියල් කෝටි 2ක මුදලක්ද සොයා ගැනීමට පොලිස් විශේෂකාර්ය බලකාය සමත් වුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් තනමල්විල ප්‍රදේශයේ සිට තොග වශයෙන් ගංජා ප්‍රවාහනය කරමින් බෙදා හැරීම සිදු කර ඇති බවයි පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site