Home News Breaking මැතිවරණයෙන් පසු එන අලුත්ම ගැටලුව මෙන්න

මැතිවරණයෙන් පසු එන අලුත්ම ගැටලුව මෙන්න

997 views

සභිකයන් තෝරා ගැනීමට අදාළ ප්‍රායෝගික ගැටළුවලදී පැවති මැතිවරණය සඳහා සංශෝධන සිදුකළ නොහැකි බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව නිමා වූ පළාත් පාලන මැතිවරණයට අදාළව දැනට පවත්නා නීතිය යොදා ගැනීම සුදුසු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන තෙක් සභිකයන්ගේ ධුර කාලය ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

එවැනි සංශෝධනයක් මගින් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ සඳහා ගැටළුවලට විසදුම් ලබාගත හැකි වනු ඇති බවයි පළාත් පාලන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙවර පළාත් පාලන පනත තුළින් හඳුන්වා දුන් අනිවාර්ය කාන්තා නියෝජනය හේතු කරගෙන සභිකයන් තෝරා පත් කර ගැනීමේදී ගැටළු පැන නැගී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ පනතේ සංශෝධන සිදුවිය යුතු බවයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

අදාළ සංශෝධන සම්බන්ධයෙන් ගැටළු මතුව ඇත්නම් නීතිපතිවරයාගෙන් විමසා තීරණ ගැනීම සුදුසු බව පළාත් පාලන අමාත්‍යාංශයේ අදහසයි.

2018 පළාත් පාලන මැතිවරණය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත සහ සංශෝධන පදනම් කරගෙන පැවැත්වූ බැවින් ඊට අදාළව සංශෝධන සිදුකළ නොහැකි බව අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

නියමිත සභික සංඛ්‍යාව තෝරා පත් කර නොමැති වුවත්, අමාත්‍යවරයාගේ නියමයක් මගින් සභාවක ධුර කාලය ආරම්භ කළ හැකි බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, කථානායක කරු ජයසුරිය ඊයේ පාර්ලිමේන්තුවේදි හමු වු අවස්ථාවේ දි ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් සභාවල කාන්තා නියෝජනය සියයට 25 හේ සිමාව පිලබද යම් සංශෝධනයක් කිරිමට සිදුව ඇති බවයි.

එළඹෙන සතියේ පැවත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙම කරුණු වාර්තා කරන ලෙසත් මැතිවරණ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු අවම කරගැනීමට අදාලව මැතිවණ කොමිසමේ වාර්තාවක් ද සභාවට යොමුකරන ලෙස කථානායකවරයා එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම පළාත් පාලන ආයතන වලට සභිකයන් පත් කිරීමේ ගැටළුවත් සමඟ එම ආයතන ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ද ගැටළු මතු වී ඇති බව පළාත් සභා මන්ත්‍රී සංසදය පවසනවා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සඳහන් කළේ නව පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුළ ගැටළු රැසක් මතු වී ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site