Home News Breaking මැතිවරණය ගැන කථානායකවරයා කියපු දේ

මැතිවරණය ගැන කථානායකවරයා කියපු දේ

2,060 views

පළාත් පාලන මැතිවරණ නිදහස් හා සාධාරණ සාමකාමී මෙන්ම ආදර්ශමත් අයුරින් පැවැත්වීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලද ජයග්‍රහණයක් බව කථානායක කරු ජයසූරිය පවසනවා.

මෙවර මැතිවරණය, බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැනි වචන අසන්නට නොලැබුණු බවත් මෙම කටයුත්ත සඳහා පුරෝගාමී වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට හා රාජ්‍ය නිලධාරීන්ටද, පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් සන්නද්ධ සේවාවන්හි නිලධාරීන්ටද, සියලුම දේශීය හා විදේශීය මැතිවරණ නිරික්ෂණ සංවිධාන නියෝජිතයන්ටද කථානායක වරයා විසින් ස්තුතිය පල කර තිබෙනවා.

ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් ජනතාව වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා යැයි කථානායක වරයා විසින් පත්වු ජනතා නියෝජිතයන්ට සුබපැතුම් එක්කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site