Home News Breaking මැතිවරණ ඉතිහාසයේ රාජකාරි සදහා වැඩිම නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා වැඩිම සභිකයින් සංඛ්‍යාවක් තෝරන...

මැතිවරණ ඉතිහාසයේ රාජකාරි සදහා වැඩිම නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා වැඩිම සභිකයින් සංඛ්‍යාවක් තෝරන 2018 පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි

6,060 views

මහා නගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් වෙනුවෙන් පැවැත්වෙන 2018 පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද විමසීමේ කරයුතු අද (10) උදෑසන 07.00ට ආරම්බ වන අතර එය සවස 04.00 දක්වා මධ්‍යස්ථාන 13,374 දී පැවැත්වෙනවා.

අද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දය ලබාදීම සඳහා පුද්ගලයන් 15,760,867ක් සුදුසුකම් ලබා සිටින අතර දේශපාලන පක්ෂ 43ක් සහ ස්වාධීන කණ්ඩායම් 222ක් මේ සදහා තරග කරනවා.

මේ සදහා පළාත් පාලන ආයතන 340ක් වෙනුවෙන් අපෙක්ෂකයන් 57,219ක් තරග වැදී සිටින අතර මෙයින් අපේක්ෂකයින් 8,346ක් තෝරා පත් කර ගැනීමට නියමිතය.

මෙතෙක් පැවැති පළාත් පාලන ආයතන සංඛ්‍යාවද 335 සිට 341 දක්වා වැඩි වුවද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඡන්ද පෙත්සමක් ලැබීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙන් පාළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක් දක්වා වැඩිවී තිබෙනවා.

කොට්ඨාස යටතේ තෝරාපත් කරගතයුතු සභික සංඛ්‍යාව 60%ක් ලෙස සලකා, ඉතිරි 40% වූ සභික සංඛ්‍යාවට අපේක්ෂකයන් 3ක් එකතු කිරීමෙන් ලබාගන්නා සංඛ්‍යාවට සමාන අපේක්ෂකයන් සංඛ්‍යාවක් මේ නාමයෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුව තිබෙනවා.

මෙවර පළාත් පාලන මැතිවරණය මෙරට ඉතිහාසයේ විශාලතම මැතිවරණය වනු ඇති බව මැතිවරණ කොමිසමේ අදහසයි. 1969 දක්වා පැවැති ගම් සභා ක්‍රමයත් ඉන් පසුව 2011 දක්වා පැවැත් වූ සමානුපාතික නියෝජන ක්‍රමයත් වෙනුවට 2012 අංක 22 දරන කොට්ඨාස සහ සමානුපාතික මිශ්‍රිත නව මැතිවරණ ක්‍රමයක් මෙමගින් හඳුන්වා දී තිබෙන අතර කොට්ඨාස මට්ටමින් අපේක්ෂකයන් 60%ක් ද, සමානුපාතික මට්ටමින් අපේක්ෂකයන් 40%ක් ද තෝරා ගැනෙයි.

කේවල සභික කොට්ඨාස 4,750ක් ද, දෙදෙනකු පත් වන බහු සභික කොට්ඨාස 165ක් ද තිදෙනකු පත්වන බහු සභික කොට්ඨාස 4ක් ද වෙයි. කොට්ඨාස මට්ටමින් සභිකයන් 5,092ක් ඇතුළුව පත්වීමට නියමිත සභික සංඛ්‍යාව 8,346 දෙනෙකි. එනම්, මෙවර මීට පෙර සිටි පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාවට වඩා දෙගුණයක ඉහළ යෑමකි.

මෙවර මැතිවරණයේ දී කාන්තා අපේක්ෂිකාවන්ට වැඩි අවස්ථාවක් දී ඇති අතර කාන්තා නියෝජනය පළාත් පාලන ආයතනයකට පත්වන මුළු සභික සංඛ්‍යාවෙන් 10%ක් විය යුතුය.

එම ප්‍රතිශතය තෝරා ගැනෙන්නේ පළමු නාමයෝජනා පත්‍රයට අනුවයි. දෙවැනි සමානුපාතික අතිරේක නාමයෝජනා පත්‍රයට අනුව අපේක්ෂකයන්ගෙන් 50%ක් කාන්තාවන් විය යුතුය.

ඡන්ද මධ්‍යස්ථාන 13,374ක පවත්වනු ලබන ඡන්ද විමසීම ගණන් කිරීමද එම ස්ථානයේ දී සිදුකරනු ලබන අතර, ඇතැම් කොට්ඨා‍සවල කලින් තෝරා ගත් ස්ථානවල ඡන්ද ගණනය කිරීම සිදුකරනු ඇති. ඒ අනුව ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 6,823කි.

මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදවනු ලබන වැඩිම නිලධාරි සංඛ්‍යාව මෙවර යොදවා ඇති අතර එම සංඛ්‍යාව ලක්‍ෂ තුනක් පමණ වන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දදායකයන් විසින් ඡන්දය ලබා දිය යුත්තේ පක්ෂයකට හෝ කණ්ඩායමක සලකුණක් ඉදිරියේ පමණක් බව පවසන මැතිවරණ කොමිසම ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයන්ගේ නම් මුද්‍රණය වන්නේ ද නැති බව සඳහන් කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site