Home News Breaking මැතිවරණ සිද්ධින් 50කට ආසන්න සංඛ්‍යාවක්

මැතිවරණ සිද්ධින් 50කට ආසන්න සංඛ්‍යාවක්

945 views

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ දිනය තුළ පමණක් සිද්ධින් 50කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

එම සිද්ධීන් වාර්තා වීමේ වර්ධනයක් පසුගිය දින දෙක තුළ සිදුව ඇති අතර අද පෙරවරු 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ පමණක් සිද්ධීන් 49ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

මැතිවරණ පැමිණිලි 43ක් සහ මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලීම් 06ක් ඒ අතර වන බව සඳහන්.

පසුගිය 09 වනදා සිට මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 610ක් සහ මැතිවරණ නීති උල්ලංගනය කිරීම් 183ක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබුණා.

එම සිද්ධීන් වලට අදාළව පුද්ගලයින් 529 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපේක්ෂකයින් 61 දෙනෙකු ඒ අතර වන බව පොලීසිය සඳහන් කළා.

 

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site