Home News Breaking මිත්තණිය කෙලෙසු මුණුබුරෙක්

මිත්තණිය කෙලෙසු මුණුබුරෙක්

974 views

නිවසේ ඔත්පලව සිටි 77 හැවිරිදි මහලු කාන්තාවක්‌ අමානුෂික ලෙස දූෂණයට ලක්‌කර පළාගොස්‌ සිටි සැකකරුවෙකු බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවට වාර්තා වනවා.

හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය නිකුත්කර ඇති බව සඳහන්. බිංගිරිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරු දෙදෙරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ මේ වන විට විදේශ රැකියාවකට ගොස්‌ ඇති බවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඉහළ කොස්‌වත්ත, තාරණ, උඩවෙල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් බවයි බිංගිරිය පොලිසිය පැවසුවේ. කොස්‌වත්ත, කජුවත්ත ප්‍රදේශයේ දියණියක සහ මානසික ආබාධයකින් පෙළෙන පුතෙකු සමඟ ජීවත්ව මෙම මහලු කාන්තාව පසුගිය මස 24 වනදා සැකකරු විසින් දූෂණයට ලක්‌කර ඇති බවයි වාර්තා වන්නේ.

දූෂණයට ලක්‌වූ කාන්තාවගේ පුත්‍රයා මානසික ආබාධයකින් පෙළෙන අතර සිය මව සමඟ නිවසේ සිටි ඔහු කඩේකට යවා සැකකරු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සැකකරු දූෂණයට ලක්‌වූ කාන්තාවගේ ඥති මුණුබුරෙකු වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site