Home C Gossip මිතුරියක් තම මිතුරියගේ 5 මස් දරුවාට කරපු වැඩේ මෙන්න PHOTOS

මිතුරියක් තම මිතුරියගේ 5 මස් දරුවාට කරපු වැඩේ මෙන්න PHOTOS

SHARE

සිය මිතුරියකගේ මාස 05ක් වයසැති බිළිදෙකු කුණු දමන මල්ලක දමා පැහැරගෙන ගිය කාන්තාවකට අධිකරණය වසර 11 සිර දඬුවමක් නියම කර තිබෙනවා.

කාම්බෝජයේ පෙනෝම් පේන් ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර සැකකාර මිතුරිය පසුගිය මාර්තු මාසයේ සිය මිතුරියකගේ නිවසක සංවිධානකර තිබූ සාදයකට සහභාගී වී තිබෙනවා.

යෙං සොතිරා නමැති 34 හැවිරිදි සැකකාර කාන්තාව තවත් කාන්තාවන් කිහිපදෙනෙක් සමඟ කාඩ් ක්‍රීඩාවේ නිරතවී ඇති අතර රාත්‍රී 12ට පමණ ඇය නිවසෙන් පිටව යන බව පවසා නිවසේ උඩු මහලේ නිදා සිටි දරුවාගේ කාමරයට හොර රහසේ ඇතුල් වී තිබෙනවා.

පසුව මෙම කාන්තාව මාස 05ක් වයසැති බිළිඳාගේ කට ගම්ටේප් පටියකින් අලවා දරුවාගේ අත් පා ගැටගසා කුණු දමන මල්ලකට දමා එයද ගම්ටේප් මඟින් අලවා ලනුවක් ආධාරයෙන් නිවසේ ඉහළ මහලේ සිට බිළිඳා බහාලූ මල්ල බිමට දමා ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස පහලට දැමූ දරුවා සැකකාරිය තම ස්කුටර් රථයේ අසුන යට සඟවාගෙන පලා ගොස් තිබෙනවා.

තම බිළිඳා නොමැති බව දැනගත් දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, පසුව දරුවා මාර්ගයේ අසල කසළ බදුනක තිබී
යහපත් සෞඛ්‍ය තත්වයෙන් හමුවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති අතර සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී තිබෙන අතර වැන්දබු කාන්තාවක් වන ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් සිදුකල දේ වරදක් බව වැටහී ගිය පසු එලෙස කසළ බදුනට දමා ගිය බවයි.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් විවිධ පාර්ශවයන්ට අධික ලෙස ණය වී ඇති බවත් එම ණය පියවා ගැනීමට තමන් දරුවා පැහැරගෙන ගොස් දෙමව්පියන්ගෙන් කප්පම් ලබා ගැනීමට සැලසුම් කර තිබු බවයි.


cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site