Home News Breaking මින් ඉදිරියට උපත් පාලන කොපු නඩු බඩු සහ සාක්කි ලෙස වලංගු නෑ

මින් ඉදිරියට උපත් පාලන කොපු නඩු බඩු සහ සාක්කි ලෙස වලංගු නෑ

6,234 views

පාදඩ සහ අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන ගණිකා වෘත්තියේ යෙදුන බවට අධිකරණයට ඉදිරිපත් කරන සැකකාරියන්ට එරෙහිව සාක්කි ලෙස උපත් පාලන කොපු සහ සෞඛය දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමේ උපකරණ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් නොකරන ලෙස සියලුම පොලිස්ථානවලට පොලිස් මූලස්ථානය නිල පණිවිඩයක් මගින් දැනුම්දී තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති (නීති දිසාව), විනය හා කල් කිරීම් අංශය විසින් මෙම නියෝගය පනවා තිබෙනවා. රටපුරා පිහිටි පොලිස්ථානවලින් ගණිකා වෘත්තියේ නියැළෙන කාන්තාවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පාදඩ හා අයාල ආඥා පනත්වලට අදාළව චෝදනා ගොනු කරනු ලබනවා.

එහිදී සැකකාරියන් එම වෘත්තියේ නියැළුන බව සනාථ කිරීමට ඔවුන් සන්තකයේ උපත් පාලන කොපු සහ වෙනත් ලිංගික උපකරණ ඔවුන්ට එරෙහි සාක්කි ලෙස සහ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීම කරනු ලබනවා.

එහෙත් උපත් පාලන කොපු සහ වෙනත් ලිංගික උපකරණ ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමට සෞඛය දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ උපකරණ බැවින් ඒවා ළඟ තබා ගැනීම වරදක් නොවන නිසා එවැනි උපකරණ නඩුභාණ්ඩ ලෙස සහ සැකකාරියන්ට එරෙහි සාක්කි ලෙස භාවිතා කිරීමට මින් ඉදිරියේදී ක්‍රියා නොකරන ලෙස එම නියෝගයේ දැක්වෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site