Home News Breaking මිනුවන්ගොඩදී රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය යයි

මිනුවන්ගොඩදී රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය යයි

580 views

මිනුවන්ගොඩ, දෙවලපල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ත්‍රීරෝද රථයක් පදික මාරුවක ගමන්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ ගැටී ඇති අතර එහිදී ත්‍රීරෝද රථයද පෙරළී, ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු හා පදිකයින් දෙදෙනා බරපතළ තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මියගොස් තිබුණා.

මියගොස් ඇත්තේ දෙවලපළ, පේරලන්ද හා ගණිහිමුල්ල ප්‍රදේශ වල පදිංචිව සිටි 47 හා 58 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ත්‍රීරෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර අනතුර සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site