Home News Breaking මිල ගණන් වැඩිවීම වලංගු වෙන්නේ අද සිට නිෂ්පාදනය කරන කිරිපිටිවලට – පාරිභෝගික...

මිල ගණන් වැඩිවීම වලංගු වෙන්නේ අද සිට නිෂ්පාදනය කරන කිරිපිටිවලට – පාරිභෝගික අධිකාරිය

869 views

‍දේශිය සහ ආනයනික කිරිපිටි සදහා සිදු කළ මිල ගණන් වැඩිවීම වලංගු වන්නේ අද (05) සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට්ටු සදහා බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20කින් සහ කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ද ඉහල දැමීමට ජිවන වියදම් කමිටුව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නිර්දේශ ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව රුපියල් 325ක්ව පැවති ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 345ක උපරිමයක් දක්වා සහ රුපියල් 810ක්ව පැවති කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 860ක උපරිමයක් දක්වා ඉහළ යන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

අද සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට්ටු සඳහා මෙම මිල වැඩිවිම වලංගු වන අතර දැනට වෙළදපොලේ පවතින කිරිපිටිවල මිල වෙනස්විමක් කිසිසේත් සිදු කර නොමැති බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරනවා.

මේ වන විට වෙළදපලේ පවතින කිරිපිටි පැකට්ටු සංශෝධිත මිල ගණන්වලට අලෙවි කළහොත් ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරියේ 1977 දුරකතන අංකයට පැමිණිලි කරන ලෙස ද එම අධිකාරිය ජනතාව වෙත දැනුම් දෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site