Home News Breaking මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන මහින්ද කියයි

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන මහින්ද කියයි

901 views

ජනාධිපතිවරණය 2019 දෙසැම්බර් 8 වනදා වන විට පවත්වා ප්‍රතිඵල නිකුත් කළ යුතුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

වලස්මුල්ල විමල සංඝාවාසයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

අද වන විට පුරාවස්තු විනාශ වෙමින් පවතින බවත් නිවාස 20 ක් ඉදි කිරීම සඳහා විජිතපුර අක්කර 10 ක භූමියක් විනාශ කර ඇති බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙම පුරාවස්තු විනාශයන් සිදු කරන්නේ අන්‍යාගමිකයින් නොවන බවත් පුරාවස්තු විනාශයට ලක් කරන්නේ බුදුදහම පිළිබඳ කතා කරන අපේම පුද්ගලයින් බව හිටපු ජනාධිපතිවරයා පවසනවා.

අප මහ මැතිවරණයක් ඉල්ලා සිටින බවත් විපක්ෂයේ ඇතැම් පිරිස් ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා සහයෝගය දක්වන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site