Home News Breaking මුලතිව්හීදි ත්‍රස්ත බෝම්බයක් පුපුරයි – නිවාස කිහිපයකට හානි

මුලතිව්හීදි ත්‍රස්ත බෝම්බයක් පුපුරයි – නිවාස කිහිපයකට හානි

SHARE

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී ඊයේ (12)රාත්‍රියේ කසල ගොඩකට ගිනි තැබීමෙන් එහි තිබූ අර්.පී.ජී වර්ගයේ බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.

මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ වැසියෙකු විසින් ගෙවත්තක පිහිටි කසල ගොඩකට කසල රැස් වීමෙන් පසුව ගිනි තබා තිබෙන අතර ඒ සමගම කසලගොඩ යට තිබූ ආර්.පී.ජී. බෝම්බයක් විශාල ශබ්දයක් සමග පුපුරා ගොස් තිබෙනවා. බෝම්බය පිපිරී යන අවස්ථාවේදී කසලගොඩ ආසන්නයේ කිසිවෙකුත් නොසිටීම නිසා හානියක් සිදු වී නැහැ. බෝම්බය පිපිරී බෝම්බ කෑලි තොගයක් අසල නිවෙස් කිහිපයකට වැදී සුලු හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් පුපුරා ගිය අදාල ආර්.පී.ජී. බෝම්බය යුද සමයේදී වලදැමූ බෝම්බයක් බවටත් කසල ගොඩට ගිනි ගැනීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් බෝම්බය පුපුරා යන්නට ඉඩ ඇති බවටත් පරික්ෂණ සිදු කළ මුලතිව් පොලිසිය සැකපල කරනවා.

Comments

comments