Home C Gossip මුල අමතක නොකළ මාලිංග වදින අයට වැදෙන්න මාධ්‍යක් ඉදිරියේ කියූ කතාව

මුල අමතක නොකළ මාලිංග වදින අයට වැදෙන්න මාධ්‍යක් ඉදිරියේ කියූ කතාව

SHARE

ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න අති දක්ෂ ක්‍රිකට් තරුවක්.

ඒත් මාලිංග ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ නෝක්කාඩුවෙන් කිවුවොත් හරි.

රත්ගම උපන් ලසිත් මාලිංග සමඟ කල කතා බහක් මේ.අපි දකින ලසිත් මාලිංගට වඩා කෙලින් කතා කරන කියන්න තියෙන දේ මුණටම කියන මේ මාලිංග හුඟක් වෙනස් කෙනෙක් බව ඔබටත් වැටහේවී.

ලසිත් මාලිංගට ක්‍රිකට් ගහන ඇල්ම ඇති වෙන්නේ කොහොමද?

බලා ඉඳලා. ලොකු අය සෙල්ලම් කරනවා බලා ඉඳලා ශිෂ්‍යත්ව කරන කාලේම පටන් ගත්තා.

එතකොට ‘ලෙදර්’ ක්‍රිකට්වලට එන්නේ.

අහම්බෙන්. අවුරුදු දාහතත් පහුවෙලා මම ලෙදර් ගහන්න ගත්තේ. මම හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ ‘ඩී’ අටම ගත්තා. උසස්පෙළට ගණිතය කළේ. විද්‍යාලෝක විද්‍යාලයේ ලෙදර් ක්‍රිකට් ගහන්න ගියත් මාව තෝරාගත්තේ නෑ.
ඔහෝම ඉන්නකොට දවසක් මගේ පන්තියට ආපු ක්‍රිකට්භාර ගුරුවරයා කිව්වා, අවුරුදු 17න් පහළ පාසල් තරගයට යන්න එක ළමයෙක් අඩුයි, ඇවිල්ලා නෑ, මං දැකලා තියෙනවා ඔයා ටෙනිස් බෝල කරනවා හොඳට, යමුද කියලා. මම ඒ වෙනකොට ලෙදර් බෝලය අල්ලලාවත් නෑ. ඉතින් මමත් ගියා. මම ඒ තරගයෙන් කඩුලු 14ක් ගත්තා. ඒ තරගයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ ගාල්ල මහින්ද විද්‍යාලයේ පුහුණුකරු කීර්ති වර්ණප්‍රිය මහත්තයා. ඔහු අපේ සර් කෙනකුට පණිවුඩයක් එවලා තිබුණා. මට හොඳ අනාගතයක් තියෙනවා. එයා කැමතියි මහින්ද විද්‍යාලයට ගන්න කියලා. එදා රෑම ඔය යෝජනාව අපේ ගෙදරටත් ආවා. අම්මලා කැමති වුණා මහින්දෙට දාන්න.
මම මහින්දෙට ගියා. ඒ ක්‍රිකට් වෙනුවෙන්. මට අධ්‍යාපනය නතර කරන්න වුණා. අදත් ඒ ගැන දුකක් නැහැ. සතුටක් තියෙන්නේ. හැබැයි ඉගෙන ගත්තා නම් ඉගෙනීමෙනුත් ඉහළට යන්න පුළුවන් ඔලුවක් මට තිබුණා.

ගාල්ලෙන් කොළඹට එන ගමන හැදෙන්නේ ඉන් අනතුරුව?
ඔව් මහින්දෙට ගිහින් මාස අටක් යනකොට කොළඹට ආවා. මම වේගයෙන් වර්ධනය වුණා. ක්‍රීඩකයෙක් ලෙදර් බෝලය අල්ලලාවත් නැති තරගයකට ගිය මම බලා ඉද්දී දක්‍ෂයෙක් වුණා. කොළඹට ආවාට දහනවයෙන් පහළ ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ නෑ. ක්ලබ් තරග ගැහැව්වා. මම ගහපු හැම තරගයකම කඩුලු ගත්තා. ඔය අතරේ ක්ලබ් ගහනකොට චම්පක රාමනායක හමුවුණා. ඔහු ඔහුගේ තැන මට දුන්නා. මම හොඳට විකට් ගන්නකොට ඔහු ක්ලබ් පිලේ ඔහුට හිමි තැන මට දීලා අයින් වුණා. ඔහු නොවෙන්න අද ලසිත් මාලිංග කෙනෙක් නෑ. පසුව මගේ පුහුණුකරු වුණේත් ඔහුමයි.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක ලේසිද මාලිංග?
ලේසියි. හැබැයි ජාතික කණ්ඩායමට එන්න අමාරුයි.

ජාතික කණ්ඩායමට එන්න ඕනෑ දක්‍ෂතාව විතරමද?
හොඳ ප්‍රශ්නයක්. ජාතික කණ්ඩායමේ ඉන්න නිසා උත්තර නොදී ඉන්නම්. වෙන දෙයක් කියන්නම් ජාතික කණ්ඩායමට ආවාට රැඳෙන්න නම් දක්‍ෂයෙක් වෙන්නම ඕනෑ.

ඔබ දක්‍ෂතාවෙන්ම ආ ගමනක්ද මේ?
ඔව්. ක්ලබ් තරග ගහනකොට මම හොඳට කඩුලු ගත්තා. ඒ නිසා මට ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වුණා. මට තරගයක් තනිව හරි දිනවන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියන විශ්වාසය මට තියෙනවා. මම ඒක ඔප්පු කරලා තියෙනවා.

හැබැයි ඔබ කණ්ඩායම ඇතුළේ හුදෙකලා සලකුණක් නේද?
එහෙම පේනවාද? මට මගේ උපරිමය කරනවා. තනිව හරි තරගය ජයගන්න ඕනෑ කියන තැන මම ඉන්නවා. ලණුව පැනලා පිටියට ගියාම අපිට වෙනස් මත නෑ. තරගය දිනන මතය හැර. ඒ තැන මාත් ඉන්නවා.

මාලිංගට වැරදුණේ කොතැනද?
සිංහයා ඉඹින්න බැරි වුණ එක. මම විකට් අරගෙන සිංහයා ඉඹ ඉඹ හිටියා නම් මම මේ රටේ වීරයෙක්. එහෙම බොරු කරන්න මම ඉගෙන ගත්තේ නෑ. මට ඕනෑ වුණේ ඊයේ විකට් දෙකක් ගත්තා නම් අද හතරක් ගන්න. ඉතින් මාධ්‍යයට ඇවිත් අමුතු මූණක් දාගෙන ඉන්න මට වුවමනාවක් නෑ. පිට්ටනියෙත් ඉන් පිටතත් මේ මූණම තමයි මට තියෙන්නේ.

ඔබ විතරයි, “ඔව්! මම සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ කිව්වේ” ?
ඔව්, ඒක අදත් කියනවා. රට වෙනුවෙන් කියලා බොරු කතා කියන්න මට බෑ. ජාතික කණ්ඩායම රට වෙනුවෙන් තමයි ක්‍රීඩා කරන්නේ. ඒත් අපි වෘත්තිකයෝ. මේක මගේ රස්සාව. උදේ ඉඳලා හවස් වෙනකම් පුහුණු වෙන්නේ රස්සාවට. මට ගෙවන්නේ ක්‍රීඩා කරනවාට. අපි හොයලා දීලායි වැටුපක් ලබන්නේ. අනෙක් හැම ක්‍රීඩකයාටම දෙන වැටුප තමයි මටත් දුන්නේ. හැබැයි කතා වුණේ මාලිංග සල්ලිවලට බෝල ගහනවා කියලා. එතකොට අනෙක් අය නිකංද ගහන්නේ. මට මේ අයට වඩා ශත පහක්වත් හම්බවුණේ නැහැ. ඒ වුණාට මම විතරයි සල්ලිවලට ගහලා තියෙන්නේ. මේක රස්සාවක්. ඉන්නකම් හොඳට රස්සාව කරනවා. එක අවංකව කරනවා. මේකෙන් අයින් වුණාම අපිට පැන්ෂන් නෑ. තව කට්ටියක් මේ රස්සාව කරයි. ඉතින් අපි ඊළඟට ජීවත් වෙන්න සෙල්ලම් කරන කාලේ හොඳට හම්බ කරගන්න ඕනෑ. එක එක ලකුණකට මෙච්චරයි කියලා කාමරවල ඉඳලා ගණන් හදන්න නරකයි. ඔය එක ලකුණ ගන්න අවුරුදු ගාණක් දාඩිය වගුරලා පුහුණු වෙලා තියෙනවා. පවුල් ජිවිත අතඇරලා කැප වෙලා තියෙනවා. මේක මම වගේ හැමෝම ඇත්ත කතා කළා නම් අද මේක වෘත්තියක් විදියට මීට වඩා සාර්ථකයි. මම අද කියන ඒවා ඉදිරියේදී ඇත්ත වෙයි.

ඔබ මාධ්‍ය එක්ක තරහද?
තරහකුත් නෑ, යාළුකමකුත් නෑ. හැබැයි මම කියන්නේ පොත්ත අත ගාලා අරටුව ගැන කියන්න එපා කියලා විතරයි. මම වෙන්න ඇති ලෝක ක්‍රිකට් ඉතිහාසයේම මේ තරම් බැණුම් අහන්නේ. ඒත් මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට කරලා තියෙන දේත් ගොඩයි. විස්සයි විස්ස ලෝක ශූරතාව දිනන්න නායකත්වය දැරුවේ මම. එක්දින කඩුලු 397ක් ලබාගෙන තියෙනවා. ටෙස්වල කඩුලු සියයක් ලබාගත්ත හතර දෙනාගෙන් කෙනෙක් මම. විස්සයි විස්ස ලෝක වාර්තා හතරක් මගේ නමට තියෙනවා. ඒ මේ රට ජයග්‍රහණය කළ තරගවලදී ගත්ත ඒවා. මම අදටත් අයි.පී.එල්වල එකම කණ්ඩායම නියෝජනය කරන එකම කෙනා. බිග් බෑෂ් ගියත්, බංග්ලාදේශ ගියත් මාව ගන්නවා. ඒ හැම තැනම එක විදියට මට සාධාරණය කරනවා. කාට සෙල්ලම් කළත් එතැනදී මම අවංකයි. සමහරු කියනවා ‘මම අයි.පී.එල් හොඳට ගහනවා’ වගේ කතා. මේ කතා ඇහුවාම මට හිනා යනවා. රටට හොඳට සෙල්ලම් කළ නිසා තමයි මේ හැමෝම මාව ගන්නේ.

ක්‍රීඩකයෝ සුරා සූදුවෙන් තොරද?
අනෙක් අය ගැන කතා නොකර මම ගැන කියන්නම්. විශ්වාස කරන එකක් නෑ. මම මේ වනතුරු ෂැම්පේන් එකක් වත් බීලා නෑ. බීම කියන එක මගේ හිතකවත් නෑ. බීමට විරුද්ධත් නෑ. බොන එක බොන අයගේ අයිතියක්.

ක්‍රීඩකයෝ දේශපාලනයට එනවා. මාලිංගත් එයිද පසුකාලීනව?
කවදාවත් නෑ. මම දේශපාලනය වගේ උතුම් දෙයක් කරන්න සුදුසු නෑ. දේශය පාලනය කරන්න මම කවුද? කවදාවත් එන්නේ නෑ.

ඔබ පන්දුවට වැඳලා බෝල දාන්නේ ඇයි?
පන්සල් නොගියාට මම හොඳ බෞද්ධයෙක්. පන්දුවට වඳින්නේ, ඒක තමයි මට මේ තත්ත්වයට එන්න උදව් කළේ. කන්නේ, බොන්නේ, මේ විදියට හොඳ ජිවිතයක් ගෙවන්නේ, ඒ පන්දුව හින්දා. මම මට වඩා ක්‍රිකට්වලට ආදරෙයි. ඒක මාව ජීවත් කරනවා. මොකද ජීවත් වෙන්න අවශ්‍ය හැම සම්පතක්ම මට ලැබුණේ මේ පන්දුවෙන්. ඉතින් ඒකට වැඳීම පවක්ද?

උපුටා ගැනීමකි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site