Home News Breaking මුහුදු සීමාව උල්ලංඝනය කළ ධීවරයන් 115කට නිදහස – PHOTOS

මුහුදු සීමාව උල්ලංඝනය කළ ධීවරයන් 115කට නිදහස – PHOTOS

913 views

මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 109 දෙනෙකුට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 06දෙනෙකුට නිදහස පිරි නමා තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිවයි මෙම ක ටයුතු සිදු කෙරුණේ. ඒ අනුව කන්කසන්තුරයට උතුරින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම ධීවරයින් භාරදීමට කටයුතු කළා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් වන එඩිතර දෙක, වික්‍රම දෙක, ප්‍රතාප සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 409 වේග ප්‍රහාරක යාත්‍රාව ඒ සදහා දායක වී තිබුණා.

ඉන්දීය ධීවරයින් පිරිස ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අතුල්‍යා, රානි සහ දුර්ගාවතී යන නෞකාවන් වෙත භාරදීමයි සිදු කෙරුණේ. ශ්‍රී ලාංකික ධීවරයින් පිරිස කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සදහා යාපනයේ සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාර කෙරුණා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site