Home News Breaking මුහුදෙන් කිලෝ 40 කටත් වඩා බර පිළිමයක් සොයා ගනියි

මුහුදෙන් කිලෝ 40 කටත් වඩා බර පිළිමයක් සොයා ගනියි

723 views

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී කිලෝ 40 කට වැඩි බරක් සහිත පිළිමයක් සොයා ගැනීමට කිමිදුම් කරුවකු සමත්වී තිබෙනවා.

ගාල්ල කොටුව ආසන්න මුහුදේ කොරල්පර නැරඹීමට නිතර පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදේශයේ පදිංචි කමල් නමැති තරුණයකු සමග පැමිණි ඔහුගේ මිතුරකුට මෙම පිළිමය හමුවී ඇති බව සඳහන්.

මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150-200 පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5-10 පමණ ගැඹුරකින් මතුව තිබු බව පවසනවා.

පිළිමය දුටු වහාම තමන්ට බයක් දැනුනු බවත් ගොඩබිමට ගොස් ටික වෙලාවකට පසු ඇතිවූ කුතුහලය මත නැවතත් සිය මිතුරා සමග කිමිදී පිළිමය ගොඩට ගත බව කමල් සඳහන් කරනවා.

දියේ සිට මුහුදු වෙරළට ගෙන ඒමේදී එතරම් බරක් ජලයේදී නොදැනුනත් මුහුදු වෙරළට ගැනීමට තමාට සහ මිතුරාට වෙහෙසක් දැරීමට සිදුවූ බවයි ඔවුන් සඳහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site