Home News Breaking මුහුද රළු වෙයි

මුහුද රළු වෙයි

105 views

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වීමෙන් මුහුද තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව සු‍ළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා එම ප්‍රදේශවල වර්ධනය විය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

කෙසේ වෙතත් මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි බව ද ‍‍කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයින වටා මුහුදේ බස්නාහිර සිට නිරිත දිග දක්වා පැයට කිලෝමීටර 30-40 ත් අතර වේගයෙන් සුළඟ හැමිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site