Home News Breaking මෙන්ඩිස් සමාගමෙන් අසාමාන්‍ය ගණුදෙනුවක්

මෙන්ඩිස් සමාගමෙන් අසාමාන්‍ය ගණුදෙනුවක්

159 views

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්‌ සමාගමේ ගිණුම් ප්‍රකාශන පරීක්‍ෂා කිරීමෙන් එම සමාගමේ ජංගම ගිණුමකින් 2015.01.30 දින සිට 2016.09.30 දින දක්‌වා මුදල් චෙක්‌පත් 2487 ක්‌ නිකුත් කර ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම චෙක්‌පත් නිකුත් කිරීම සාමාන්‍ය ගනුදෙනු අතරේ එලෙස සිදුවිය නොහැකි අසාමාන්‍ය ගනුදෙනු ලෙස ද එම විමර්ශනයෙන් හඳුනාගෙන ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇති බව සඳහන්.

මෙසේ නිකුත් කරන ලද මුදල් චෙක්‌පත්වල මුළු වටිනාකම රු. මිලියන 1134 ඉක්‌ම වන බවද එම විමර්ශනයේදී අනාවරණය කරගෙන තිබෙනවා.

එම මුදල් චෙක්‌පත් අතර රු. මිලියන 20 කට ආසන්න මුදල් චෙක්‌පත් ද තිබෙන බවත් එසේම රු. මිලියන 20 හෝ ඊට වඩා වැඩි චෙක්‌පත් 325 ක්‌ තිබෙන බවටත් විමර්ශනයේදී හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site