Home News Breaking මේ අය ඔබත් දැක තිබේද ? හැකි ඉක්මනින් පොලීසිය අමතන්න PHOTOS

මේ අය ඔබත් දැක තිබේද ? හැකි ඉක්මනින් පොලීසිය අමතන්න PHOTOS

897 views

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව GPS තාක්ෂණය ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

අදාළ හයිබ්‍රිඩ් මෝටර් රථය පන්නිපිටිය ප්‍රදේශයේ කුලී රථ සපයන ආයතනයකින් ලබාගෙන ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

එ් අනුව මෙම කාර් රථය කුලී පදනම මත ලබාගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි.

මෙම මෝටර් රථයේ අංක තහඩු වෙනස් කර ව්‍යාජ අංක තහඩු යොදා තිබූ අතර, එහි ලියාපදිංචි හිමිකරු යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හයිබ්‍රිඩ් මොටර් රථය පන්නිපිටිය ප‍්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයෙන් රැගෙන ගිය බව කියන සැකකරුවන් දෙදෙනා හදුනා ගැනීමට පොලිස් මුලස්ථාන මහජන සහය අපේක්ෂා කරනවා.

එම සැකකරුවන් ගේ විස්තර සහ ඡායාරූප මෙසේයි.

පළමු සැකකරු – අසංක සම්පත් කුමාර නො 47/ජී / 15 සමිට්පුර ,මට්ටක්කුලිය.

දෙවන සැකකරු – ගම්හේවගේ තාරක උදයංග නො 19/2, අමරතුංග මාවත ,උඩහමුල්ල

මොවුන් පිළිබඳ තොරතුරු දන්නේනම්
ගම්පහ මුලස්ථාන පොලිස් පරීක්ෂක – 0178591611
ගම්පහ මුලස්ථාන පොලිසිය – 0332222226 යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටිනවා.

පළමු සැකකරු – අසංක සම්පත් කුමාර

දෙවන සැකකරු – ගම්හේවගේ තාරක උදයංග

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site