Home News Breaking මේ වසර තුළ පුද්ගලයින් 42ක් අල්ලස් අරන් වරදකරුවන් වෙලා

මේ වසර තුළ පුද්ගලයින් 42ක් අල්ලස් අරන් වරදකරුවන් වෙලා

105 views

මේ වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් හතලිස් දෙනෙකු අධිකරණය හමුවේ වරදකරුවන් බවට පත් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න සඳහන් කළේ, පසුගිය වසර තුළ පමණක් අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 57 දෙනෙකු වරදකරුවන් බවට පත් කර ඇති බවයි.

අල්ලස් හා දූෂණය වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් ඊයේ(02) පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් සරත් ජයමාන්න මෙම අදහස් පල කළා.

එම අවස්ථාවට එක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් නෙවිල් ගුරුගේ ද එහිදී අදහස් පල කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site