Home News Breaking මොළය මිය ගියත් හදවත වැඩ – ලංකාවේ ප‍්‍රථම හදවත් බද්ධය මෙන්න

මොළය මිය ගියත් හදවත වැඩ – ලංකාවේ ප‍්‍රථම හදවත් බද්ධය මෙන්න

SHARE

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ අනුරාධපුරයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකට මෙම හදවත් බද්ධය සිදු කර ඇති බවයි.

ඇයගේ හදවත සියයට 12ක් පමණ අකර්මණ්‍ය වී තිබූ බවත් රිය අනතුරකින් බරපතල තුවාල ලබා මහනුවර මහ රෝහලේ ස්නායූ ශල්‍ය ප‍්‍රතිකාර ඒකකයේ යන්ත‍්‍ර මගින් හෘද ස්පන්දනය පවත්වා ගෙන ගිය 23 හැවිරිදි තරුණයෙකුගේ මොළය මියගිය බවට තහවුරු වීමෙන් පසු එම තරුණයාගේ හදවත එම කාන්තාවට බද්ධ කළ බව අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

මේ සදහා විශේෂඥ වෛද්‍යවරුන් විස්සක කණ්ඩායමක් සහභාගි වී ඇති බව සඳහන්.

එමෙන්ම තරුණයාගේ වකුගඩු දෙකද තවත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර තිබෙනවා.

හදවත් බද්ධයට භාජනය වූ කාන්තාව සහ වකුගඩු බද්ධය සිදු කළ රෝගීන් දෙදෙනා මේ වනවිට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් වෛදරුවරුන් ඔවුන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින බවත් මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site