Home News Breaking යාපනයෙන් මුහුදු ගොස් අතුරුදහන්ව සිටි ධීවරයින් තිදෙනා නැවතත් ගොඩබිමට

යාපනයෙන් මුහුදු ගොස් අතුරුදහන්ව සිටි ධීවරයින් තිදෙනා නැවතත් ගොඩබිමට

560 views

යාපනය,නාවන්තුරෙයි ප්‍රදේශයෙන් මුහුදු ගොස් දින දෙකක් අතුරුදහන්ව සිටි ධීවරයින් තිදෙනා ඊයේ(28) සවස නැවත ගොඩබිම වෙත පැමිණ ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්.ශිවකරන් පවසනවා.

ශිවකරන් පැවසූවේ 26 වැනිදා යාපනය කුරිකට්ටුවාන් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් දින දෙකක් අතුරුදහන්ව සිටි බවයි.

අදාළ ධීවරයින්ගේ බෝට්ටුවේ කාර්මික දෝෂයක් හටගෙන ඇති බව පවසා ඇති අතර, අනතුරුව කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවට අදාළ ධීවරයින්ගේ ඥාතීන් පොලීසිය වෙත පැමිණිළි කොට තිබුණා.

අතුරුදහන් ධීවරයින් සොයා ධීවර පරීක්ෂක නිලධාරීන්, නාවික නිලධාරීන් හා පොලිස් නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවු අතර, අතුරුදහන්වූ ධීවරයින් පැවසූවේ තමන්ගේ බෝට්ටුවේ කාර්මික දෝෂයක් හේතුවෙන් බෝට්ටුව මුහුද මැද නතරව ගිය බවයි.

එහිදී තමන් නැංගූරම්ලා මුහුද මැද සිටි බවත්, අනතුරුව බෝට්ටුවේ දෝෂය සකස් කර ගැනීමට හැකිවූ අතර, අනතුරුව තමන් නැවත ගොඩබිම වෙත පැමිණ බව ඔවුන් කියා සිටියා.

යාපනය,නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි දියෝනිස් මරුදන් නමැති 44 හැවිරිදි පුද්ගලයෙකු,සෙබමාලෙයි ඇලෙක්ස් නමැති 32 හැවිරිදි පුද්ගලයෙකු හා මහේන්ද්‍රන් රූබන් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අතුරුදහන්ව සිට නැවත ගොඩබිම වෙත පැමිණ තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site