Home News Breaking යාල මිස්සක හස්තියා මිය යයි

යාල මිස්සක හස්තියා මිය යයි

880 views

යාල වනෝද්‍යානයේ මිස්සක හස්තියා වෙඩි ප්‍රහාරයකින් මිය යාම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර ප්‍රකාශ කළේ, අවුරුදු 35ක් පමණ වයසැති මෙම හස්තියාට වෙඩි වැදීමෙන් පසු දින ගණනාවක් අසාධ්‍ය තත්ත්වයේ සිටි බවයි.

අඩි 3ක් පමණ දිග දළ යුගලක් හිමි මිස්සක හස්තියා යාල වනෝද්‍යානයේ ඇතුන් අතර සංචාරකයින්ගේ නොමද ආකර්ශනයට ලක්වූ හස්තියෙක්.

මේ අතර වනජීවී පශූ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් සඳහන් කළේ, පසුගිය 15 වන දා මෙම හස්තියා යාල වනෝද්‍යානයේ වැටී සිටින බවට ලද තොරතුරක් මත කළ නිරීක්ෂණයේදී හස්තියාගේ වම් පාදයට ඉහළින් වර්ග අඩියක පමණ විශාල තුවාලයක් දක්නට ලැබුණු බවයි.

ඒ සඳහා දින 4ක් පුරා පශු වෛද්‍යවරුන් කණ්ඩායම් ප්‍රතිකාර කළ ද මිස්සක හස්තියාගේ දිවි බේරා ගැනීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කළේ.

හස්තියාට වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site