Home News Breaking රජයෙන් යහපත් ප්‍රතිචාරයක් – නැවතුන දුම්රිය යළි ධාවනයට

රජයෙන් යහපත් ප්‍රතිචාරයක් – නැවතුන දුම්රිය යළි ධාවනයට

1,120 views

දුම්රිය වෘත්තිය සමිති විසින් අද දහවල් 12 සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් පරණවිතාන සඳහන් කළේ සිය ඉල්ලීම්වලට අදාළව රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

වැටුප් විෂමතා ගැටළුවක් මුල්කරමින් දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය ඊයේ(08) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට නියමිතව තිබුනත් දුම්රිය බළධාරීන් ලබා දුන් පොරොන්දුවක් පරදි එය අද(09) දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ ප්‍රකාශ කළේ අනුමත වැටුප් තලයන්ට අදාල කැබිනට් පත්‍රිකාව අද දිනයේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර විසදුම් ලබා දෙන බවට බලධාරින් සිය සංගමයට පොරොන්දු වූ බවයි.

ඒ අනුව දුම්රිය වෘත්තිය සමිති විසින් අද දහවල් 12 සිට දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණ ද මීට සුළු වේලාවකට පෙර එම තීරණය අත්හිටුවනු ලැබුවා.

ඒ සිය වැටුප් තලයන්ට අදාල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබීම හේතුවෙන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site