Home News Breaking රජයේ නිලධාරීන්ට සහනදායි ක්‍රමයක් මත නිවාස

රජයේ නිලධාරීන්ට සහනදායි ක්‍රමයක් මත නිවාස

780 views

රජයේ නිලධාරීන්ට සහනදායි ක්‍රමයක් මත නිවාස ලබාදීම සඳහා වත්මන් රජය මඟින් ගෙන යන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ සේවකයන් වෙනුවෙන් ඉදි කරන නිල සෙවන නිවාස යෝජනා ක්‍රමයේ ආරම්භක අවස්ථාව මැයි 29 වැනි දින පෙ.ව. 10.00ට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු රජයේ සේවකයන් වෙනුවෙන් ඉදි කරන මෙම මහල් නිවාස යෝජනාක්‍රමය නිවාස 546 කින් සමන්විතයි.

නිදන කාමර තුනකින් සහ දෙකකින් යුක්ත වන පරිදි සකස් කළ නිවාස දෙවර්ගයක් මෙහි ඉදි කෙරෙන අතර, අවශ්‍යතාවය මත එම නිවාස රජයේ සේවකයන්ට මිළදී ගැනීමට හැකියාව තිබෙනවා.

රජයේ සේවකයන්ට ලැබෙන බැංකු ණය පදනම යටතේද මෙම නිවාස ලබා ගැනීමේ පහසුකම් ලැබෙන අතර, 2020 වන විට මෙම නිවාස යෝජනා ක්‍රමයේ සියළු වැඩ අවසන් කිරීමට නියමිතයි.

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මෙවැනි නිවාස ව්‍යාපෘති ඉදිරියේදී ආරම්භ කිරීමට සැළසුම් කොට ඇති අතර, මහනුවර ඉදි වන්නේ තුන්වැනි නිල සෙවන ව්‍යාපෘතියයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site